Wq/si/ෆ්යෝදෝර් දොස්තොයෙව්ස්කි

< Wq‎ | si
Wq > si > ෆ්යෝදෝර් දොස්තොයෙව්ස්කි

1821 නොවැම්බර් 11 වැනි දා මොස්කව් නුවර දී උපන් ෆ්යෝදෝර් දොස්තොයෙව්ස්කි ලෝක සාහිත්‍යය තුළ තම නාමය නොමියෙන තත්ත්වයට පත්කැර ගත්තෙකි. අපරාධය සහ දඬුවම, Insulted and Humiliated, කර්මසෝ සහෝදරයෝ ඇතුළු ඔහුගේ කෘති සියල්ලක්ම පාහේ විශ්ව සාහිත්‍ය අඹරය තුළ සදා දිදුළන තාරකාවන් වෙයි.

කියමන් edit

 
ෆ්යෝදෝර් දොස්තොයෙව්ස්කි
 
හිරකරුවන් ය කියන්නේ වන මෘගයන්ට නොවෙයි. ඔවුන් මට වඩා යහපත්, බාගවිට මට වඩා මහඟු මිනිසුන් වීමට බැරි නැත.
 
 හිරකරුවන් ය කියන්නේ වන මෘගයන්ට නොවෙයි. ඔවුන් මට වඩා යහපත්, බාගවිට මට වඩා මහඟු මිනිසුන් වීමට බැරි නැත. 


 
 (දොස්තොයෙව්ස්කිට මරණ දඬුවම නියමව පෝරකය මත සිටි අවස්ථාව සිහිපත් කරමින්) මගේ සිතෙහි වැඩෙමින් පැවතුණු බලාපොරොත්තු සැණෙකින් සුන්ව ගියේය. තව විනාඩි කිහිපයකින් වෙඩි කා මැරෙන්නට සිදුවන බව මම තේරුම් ගතිමි. වචනයෙන් විස්තර කරන්නට බැරි තරමේ දැඩි බියක් මගේ සිතෙහි හටගත් නමුත්, එසේ බියපත්ව සිටින බවක් නොපෙන්නන්නට සනිටුහන් කැරගත් මම මගේ මිතුරා සමඟ නොයෙක් කරුණු ගැන කතා කරන්නට පටන් ගත්තෙමි. ඒ මොහොතේ දී මගේ මුහුණ බෙහෙවින් සුදුමැලි වී නොපැවති බව, ඒ මිතුරා පසු අවස්ථාවක දී මා සමඟ කීයේය.