රුසියානු ලේඛක ෆ්යෝදෝර් දොස්තොයෙව්ස්කි විසින් රචිත Crime and Punishment නම් කෘතිය විශ්ව සාහිත්‍යයෙහි අග්‍රගණ්‍ය ස්ථානයක ලා සැළකෙයි. 1865 දී දොස්තොයෙව්ස්කි එය රචනා කිරීම ආරම්භ කළ අතර 1866 දී ප්‍රකාශයට පත් විය.
ෆ්යෝදෝර් දොස්තොයෙව්ස්කි
මහත්මයා, දිළිඳුකම අපරාධයක් නොවෙයි. ඒක ඇත්තයි. බේබදුකම ගුණධර්මයක් නොවන බවත් සත්තකින්ම මා දන්නවා. ඒ බව බාගවිට අනෙකටත් වඩා ඇත්තක්.
|
|
“ වීදිය දිගේ මා ගමනෙහි යෙදුණු විට
- පළමු බිරිය හමුවූවා නොවෙද මට ”
| — බීමත් මිනිසා |
|
|
|
“ මහත්මයා (රැස්කොල්නිකොවු අමතමින්), දිළිඳුකම අපරාධයක් නොවෙයි. ඒක ඇත්තයි. බේබදුකම ගුණධර්මයක් නොවන බවත් සත්තකින්ම මා දන්නවා. ඒ බව බාගවිට අනෙකටත් වඩා ඇත්තක්. එහෙත් අසරණභාවය - දුහ්සාධ්‍ය අසරණභාවය - අපරාධයක්. කෙනෙකු දිළිඳුව සිටින විට තමාගේ හැඟීම්වල සහජ ශ්‍රේෂ්ටත්වය ඔහුට රැකගත හැකියි. එහෙත් අසරණ වූ විට කිසිවිටෙකත් එසේ කරගන්නට බැහැ. ” | — මාමිලාඩෝවු |
|
|
|
“ ඔබ සල්ලි ගොඩක් ගැන ද සිතුවේ? ” | — නස්ටස්යා |
|
|
|
“ අඳින්නට සපත්තු දෙකක් නැතිව ළමයින් හට උගන්නන්නට පිළිවන්කමක් නැහැ. ඒ ඇරත් පාඩම් ඉගැන්නීම ගැන මා තුට්ටුවක් තරම්වත් ගණන් ගන්නේ නැහැ. ” | — රැස්කොල්නිකොව් |
|
|
|
“ කන්න හම්බකර දෙන දෙය එක්ක සණ්ඩු වෙන්න හොඳ නැහැ. ” | — නස්ටස්යා |
|