ධම්මපදය කෙටි ගාථා 423 කින් සමන්විත කෘතියකි. එහි බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මයන් සාරාංශ කොට ඉදිරිපත් කර ඇත. වග්ග 26 කින් සමන්විත මෙය බෞද්ධයාගේ අත්පොත වශයෙන් ද හඳුන්වනු ලබයි.
|
|
“ න පෙරසං විලොමානි න පරෙසං කතාකතං අත්තනොව අවෙක්ඛෙයය කතානි අකතානිච ” | |
“ අනුන්ගේ රළු පරළු කතා හා කළ නොකළ දේ ගැන නොසෙවිය යුතුය. තමාම කළ නොකළ දේ ගැන සෙවිය යුතුය. ” |
|
|
|
“ තමාට පිහිට තමාම ය. වෙන කවරෙක් තමාට පිහිට වේ ද? තමා මනාව දැමුණු කල්හි දුර්ලභ වූ නිවන ද ලැබේ. ” | |
“ අත්තාහි අත්තනො නාථෝ කොහි නාථෝ පරොසියා අත්තනාච සුදන්තෙන නාතං ලභති දුල්ලභං ” |
|
|
|
“ නොපමා බව නිවණට මගය. පමා බව මරණයට මගය. නොපමා වූවෝ නො මියෙති. පමා වූවෝ මළවුන් වැනි වෙති. ” | |
“ අප්පමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං අප්පමත්තා න මීයන්ති යෙ පමත්තා යථා මතා. ” |
|
|
|
“ කැමති අරමුණක වැටෙන සුළු වූ සිත දමනය කිරීම යහපත් ය. හික්ම වූ සිත සැප එළවන්නේ ය. ” | |
“ දුන්නිග්ගහස්ස ලහුනො යත්ථ කාමනිපාතිනෝ චිත්තස්ස දමතෝ සාධු චිත්තං දන්නං සුඛාවහං. ” |
|
|
|
“ බොහෝ දුර ගමන් ගන්නා, තනිව හැසිරෙන සිත රැක ගන්නාහු මාර බන්ධනයෙන් මිදෙති. ” | |
“ දුරංගමං එකචරං අසරීරං ගුහාසයං යෙ චිත්තං සඤ්ඤමෙස්සන්ති මොක්ඛන්ති මාරබන්ධනා ” |
|
|
|
“ වරද දැක නිගාකොට ඔවා දෙන නැණවතා නිධන් පෙන්වන්නෙකු වැනිය. ” | |
“ නිධීනං ච පවත්තාරං යං පස්සෙ වජ්ජදස්සිනං නිග්ගයිහවාදිං මෙධාවිං තාදිසං භජමානස්ස සෙයියො හොති න පාපියො. ” | — පණ්ඩිතවග්ග |
|
|
|
“ ගල්පවුව යම් සේ සුළඟින් නොසැලේ ද, එසේ ම නුවණැත්තෝ නිගා පැසසුම්හි නො සැලෙති. ” | |
“ සෙලො යථා එකඝනො වාතෙන න සමීරති එවං නින්දා පසංසාසු න සමිඤ්ජන්ති පණ්ඩිතා. ” | — පණ්ඩිතවග්ග |
|
|
|
“ ක්‍රෝධ කරන තැනැත්තා ක්‍රෝධ නොකිරීමෙන් ද නපුරු තැනැත්තා හොඳ ගතියෙන් ද මසුරු තැනැත්තා දීමෙන් ද මුසා පවසන්නා සත්‍යයෙන් ද දිනිය යුතුය. ” | |
“ අක්කොධෙන ජිනෙ කොධං අසාධුං සාධුනා ජිනෙ ජිනෙ කදරියං දානෙන සච්චේන අලිකවාදිනං ” | — ක්‍රෝධවග්ග |
|
|
|
“ අවැඩ සිදුවන වචන දහසකට වඩා සංසිඳීමට හේතු වූ එක වචනයකුදු ඉතා උතුම් ය. ” | |
“ සහස්සමපි චෙ වාචා අනත්ථපද සංහිතා එකං අත්ථපදං සෙය්යෝ යං සුත්වා උපසම්මති. ” | — සහස්ස වග්ග |
|