Wq/si/බුදුන් වහන්සේ

< Wq‎ | si
Wq > si > බුදුන් වහන්සේ

ලොව අවසානවරට පහලවූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේය. උන්වහන්සේ මේ කල්පයෙහි පහළ වූ සතරවෙනි බුදුරජාණන් වහන්සේය. උන් වහන්සේ බුදුවීමට පෙර සිදුහත් (සිද්ධාර්ථ) නම් විය. "යහපත උදාකරන තැනැත්තා" යනු ඒ නමෙහි තේරුම යි.

Wikipedia:si
Wikipedia:si
සිංහල විකිපීඩියා ලිපිය කියවන්න​:


Citajxo
 දුක සෑම ජිවියෙකුටම පොදු ය. දුක ඇතිවන්නේ අවිද්‍යාව හේතුවෙන් වන අතර අවිද්‍යාවට මුලය වන්නේ බැඳීම් හා තණ්හාවයි. ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමනයෙන් මෙම තණ්හාව දුරු කර ගත හැකිය. එමඟින් අවිද්‍යාව හා දුක දුරු කර ගත හැක. 


Citajxo
 පින්වත් මහණෙනි, පිටස්තර උදවිය මට වුනත් අපහාස කරනවා නම්, ධර්මයට වුනත් අපහාස කරනවා නම්, සංඝයාට වුනත් අපහාස කරනවා නම් ඒ කියුම් ගැන ඔබ විසින් තරහ බැඳගැනීම් නොකළ යුතුයි. අමනාපය ඇති නොකර ගත යුතුයි. සිතේ නොකැමැත්තක් ඇති නොකර ගත යුතුයි. පින්වත් මහණෙනි, පිටස්තර උදවිය මට දොස් කියන විට, ධර්මයට දොස් කියන විට, සංඝයාට දොස් කියන විට ඒ ගැන ඉදින් ඔබ කෝප වෙනවා නම්, අසතුටු වෙනවා නම්, එයින් ඔබටමයි අන්තරායක් වන්නේ. පින්වත් මහණෙනි, පිටස්තර උදවිය මට දොස් කියන විට, ධර්මයට දොස් කියන විට, සංඝයාට දොස් කියන විට ඒ ගැන ඉදින් ඔබ කෝප වෙනවා නම්, අසතුටු වෙනවා නම්, එතකොට පිටස්තර උදවිය කියන දේවල් යහපත්ව කියනවාද අයහපත්ව කියනවාද යන්න ඔබ තේරුම් ගන්නේ කොහොමද? 


Citajxo
 පින්වත් මහණෙනි, මොකක්ද පරලොව විපාක දෙන අපරාධය කියල කියන්නෙ? මෙහි සමහර කෙනෙක් මෙන්න මේ විදිහට හිතනවා. කයෙන් කරන දුසිරිත්වල විපාක පරලොවදී විඳින්න සිද්ධ වෙනවා. වචනයෙන් කරන දුසිරිත්වල විපාක පරලොවදී විඳින්න සිද්ධ වෙනවා. සිතින් කරන දුසිරිත්වල විපාක පරලොවදී විඳින්න සිද්ධ වෙනවා. ඉතින් මමත් කයෙන් දුසිරිත් කළොත්, වචනයෙන් දුසිරිත් කළොත්, සිතින් දුසිරිත් කළොත්, කය බිඳිලා මැරුණට පස්සේ ආපය නම් වූ දුගතිය නම් වූ විනිපාත නම් වූ නිරයේ උපදින්නෙ නැතුව සිටීවිද? (ඒක වෙනවාමයි) ඒ නිසා ඔහු මේ පරලොවදී විඳින්න වෙන දඬුවමට භය වෙනවා. කයෙන් කරන දුසිරිත් අත්හරිනවා. කාය සුචරිතය පුරුදු කරනවා. වචනයෙන් කරන දුසිරිත් අත්හරිනවා. වචී සුචරිතය පුරුදු කරනවා. සිතින් කරන දුසිරිත් අත්හරිනවා. මානෝ සුචරිතය පුරුදු කරනවා. තමන්ගේ ජීවිතය පිරිසිදුව ගතකරනවා. මේක තමයි පින්වත් මහණෙනි, පරලොව විපාක දෙන අපරාධය කියල කියන්නේ. මේවා තමයි පින්වත් මහණෙනි, අපරාධ දෙක ඒ නිසා පින්වත් මහණෙනි, මෙන්න මේ විදිහට හික්මෙන්න ඕන. ‘මෙලොව විපාක දෙන අපරාධයටත් භය වෙනවා. පරලොව විපාක දෙන අපරාධයටත් භය වෙනවා. වැරැද්දට භය වෙලා, වැරැද්දේ භය දකින අය වෙනවා’ කියලා. පින්වත් මහණෙනි, ඔබ හික්මිය යුත්තේ ඔය විදිහට තමයි. පින්වත් මහණෙනි, වරදට බිය වන, වරදේ භය දකින කෙනා ‘සියලු වරදවලින් නිදහස් වෙනවා’ කියන මෙන්න මේ දේටම තමයි කැමති වෙන්න තියෙන්නේ. 


Citajxo
 පින්වත් මහණෙනි, ඉතාමත් දුක සේ සම්පූර්ණ කර ගත යුතු වීර්යයන් දෙකක් මේ ලෝකයෙහි තියෙනවා. ඒ දෙක මොනවාද? ගිහි ගෙයි ජීවත් වෙන යම් කෙනෙක් සිවුරු (ඇඳුම්), පිණ්ඩපාත (ආහාර), සේනාසන (නිවාස), ගිලන්පස බෙහෙත් පිරිකර (ඖෂධ) ආදිය දීම සඳහා කරන වීර්යයත්, ඒ වගේම ගිහිගෙයින් නික්මිලා අනගාරික පැවිදි ජීවිතයට පැමිණි අය සියලු කෙලෙසුන් අතහැරීම සඳහා කරන වීර්යයත්ය. පින්වත් මහණෙනි, මේ තමයි මේ ලෝකයේ ඉතාමත් දුක සේ සම්පූර්ණ කර ගන්න තියෙන වීර්යයන් දෙක. පින්වත් මහණෙනි, සියලු කෙලෙසුන් අත්හැරීම නම් වූ අමා මහ නිවන වෙනුවෙන් කරන යම් වීර්යයක් ඇද්ද, මේ වීර්යයන් දෙක අතරින් වඩාත්ම අග්‍ර වෙන්නෙ මෙයයි. ඒ නිසා පින්වත් මහණෙනි, මෙන්න මේ විදිහට හික්මෙන්න ඕන. ‘සියලු කෙලෙස් අත් හැරීම පිණිසම වීරිය කරනවා’ කියලා. පින්වත් මහණෙනි, ඔබ මෙන්න මේ විදිහටමයි හික්මෙන්න ඕන.