Wq/si/සූත්‍ර පිටකය

< Wq‎ | si
Wq > si > සූත්‍ර පිටකය

සූත්‍ර පිටකය යනු ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනු ලැබූ සූත්‍ර දේශනා ඇතුළත් පිටකය වේ.

Citajxo
 පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් වදාරන ලද ධර්මවිනය විවෘත වූ විට තමයි බබළන්නේ. වැසුණු විට නොවෙයි. 
— ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ


දීඝ නිකාය edit

සීලකන්ධ වර්ගය edit

බ්‍රහ්මජාල සූත්‍රය edit

 
 පින්වත් මහණෙනි, පිටස්තර උදවිය මට වුනත් අපහාස කරනවා නම්, ධර්මයට වුනත් අපහාස කරනවා නම්, සංඝයාට වුනත් අපහාස කරනවා නම් ඒ කියුම් ගැන ඔබ විසින් තරහ බැඳගැනීම් නොකළ යුතුයි. අමනාපය ඇති නොකර ගත යුතුයි. සිතේ නොකැමැත්තක් ඇති නොකර ගත යුතුයි. පින්වත් මහණෙනි, පිටස්තර උදවිය මට දොස් කියන විට, ධර්මයට දොස් කියන විට, සංඝයාට දොස් කියන විට ඒ ගැන ඉදින් ඔබ කෝප වෙනවා නම්, අසතුටු වෙනවා නම්, එයින් ඔබටමයි අන්තරායක් වන්නේ. පින්වත් මහණෙනි, පිටස්තර උදවිය මට දොස් කියන විට, ධර්මයට දොස් කියන විට, සංඝයාට දොස් කියන විට ඒ ගැන ඉදින් ඔබ කෝප වෙනවා නම්, අසතුටු වෙනවා නම්, එතකොට පිටස්තර උදවිය කියන දේවල් යහපත්ව කියනවාද අයහපත්ව කියනවාද යන්න ඔබ තේරුම් ගන්නේ කොහොමද? 
— ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ


 
 පින්වත් මහණෙනි, පිටස්තර උදවිය මට දොස් කියන විට, ධර්මයට දොස් කියන විට, සංඝයාට දොස් කියන විට ඒ ගැන ඔබ විසින් කළ යුත්තේ ‘මේ කාරණයෙන් ඕක නම් නැති දෙයක්මයි. මේ කාරණයෙන් ඕක නම් අසත්‍යයක්මයි. ඔය කියන දෝෂය අප තුළ නැති දෙයක්. ඔය දෝෂය අප අතර දකින්න නෑ’ කියලා අසත්‍යය අසත්‍යය වශයෙන්ම තේරුම් ගෙන ලිහා ඉවත් කිරීමයි. 
— ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ


 
 පින්වත් මහණෙනි, මා ගැන වුනත් පිටස්තර උදවිය ගුණ වර්ණනා කරනවා නම්, ධර්මය ගැන වුණත් ගුණ වර්ණනා කරනවා නම්, සංඝයා ගැන වුනත් ගුණ වර්ණනා කරනවා නම්, ඒ ගැන ඔබ විසින් අමුතුවෙන් සතුටු විය යුතු නෑ. සොම්නස් විය යුතු නෑ. සිතෙහි උද්දාමයකට පත්විය යුතු නෑ. පින්වත් මහණෙනි, මා ගැන වුනත් පිටස්තර උදවිය ගුණ වර්ණනා කරන විට, ධර්මය ගැන වුනත් ගුණ වර්ණනා කරන විට, සංඝයා ගැන වුනත් ගුණ වර්ණනා කරන විට, ඒ ගැන ඔබ විසින් අමුතු සතුටක් ඇති කරගන්න ගියොත් සිත සතුටු කරගෙන උද්දාම වෙන්න ගියොත් ඒකෙන් අන්තරායක් වන්නේ ඔබටමයි. පින්වත් මහණෙනි, මා ගැන වුනත් පිටස්තර උදවිය ගුණ වර්ණනා කරන විට, ධර්මය ගැන වුනත් ගුණ වර්ණනා කරන විට, සංඝයා ගැන වුනත් ගුණ වර්ණනා කරනවිට, ඒ ගැන ඔබ විසින් කළ යුත්තේ ‘මේ කාරණයෙන් ඕක නම් ඇති දෙයක්මයි. මේ කාරණයෙන් ඕක නම් සත්‍යයක්මයි. ඔය කියන ගුණය අප තුළ තියෙනවා. ඔය ගුණය අප අතර දකින්නට ලැබෙනවා’ කියලා සත්‍යය සත්‍යය වශයෙන්ම තේරුම් ගැනීමයි. 
— ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ


උපුටා ගැනීම edit