සැබෑ මිනිසෙකුගේ කතාවක්, රුසියානු ලේඛක බරීස් පලෙවොයි විසින් රචිත නවකතාවකි. දෙවන ලෝක යුධ සමයේ දී දෙපා අහිමි වූ අලෙක්සේයි මරේසියෙව් නම් රුසියානු ගුවන් හමුදා සෙබළෙකුගේ අප්‍රතිහත ධෛර්යය පිලිබඳ කතාපුවත එහි දිගහැරෙයි.
සිංහල විකිපීඩියා ලිපිය කියවන්න:
|
|
“ අනේ, අනේ මෙහෙමත් ගෑනු. මේ ගෑනුන්ගෙ වටිනාකම මෙපමණයි කියල කියන්න බැහැ. ඇහෙනවද අලෙක්සේයි. රුසියානු ගැහැණිය මිල නොකළ හැකි වස්තුවක්! ඇගේ හදවතට කාවදින ලෙස කතා කළොත් ඈ ඕනම උදව් උපකාරයක් කරනවා. මාරයාට බිලිවෙන්න පවා ඈ බය නැහැ. එතරම් උතුම් ජාතියක් අපේ ගෑනු ජාතිය. ආ! එහෙම නේද?
වැඩ කරනකොට මේ අපේ අම්මණ්ඩිල අපිට දෙවෙනි නෑ වැඩ කරනවා. පිරිමි අපිට උන්ගෙන් පාඩම් ගන්ට පුළුවනි. ඒ වුණාට උන්ගේ කට තමා කට උන්ගේ කටවල් හන්දා මට ජීවිතෙත් එපා වෙලා. මගේ අනීස්සා මළාට පස්සෙ මා හිතුවා දැන් ඉතින් දෙවියන්ගෙ පිහිටෙන් නිවීහැනේ ඉන්ට පුළුවනියි කියල. ඔය නපුරු සිතිවිලි නිසා දෙවියො මට දඬුවම් කරල. යුද්ධ හමුදාවට සුදුසුකම් නැති පිරිමි පාටිසාන් හමුදාවට බැඳිල සටන් කරනව. මගේ පව් ගෙවන්නට මම ගෑනුන්ගෙ නායකකම බාරගත්ත. බැටළු රැලකට මැදිවෙච්ච එළුවෙක් වගේ. හරිම පාපයක්!
ඔන්න බලපන් අලෙක්සේයි! මගේ ආදරණීය කොල්ලො, වුණ දෙයක හැටි. ගැහැණිය නිතරම යම්කිසි දෙයක් බදා ගන්නව. මගේ කීම වැරදිද? මොකද ඈ එහෙම කරන්නෙ? ඈ කෑදර හන්දද? නැහැ. කොහෙත්ම කෑදර නැහැ. ඈ එහෙම කරන්නෙ ඒ දේ ඈට වටිනා නිසා. ඈ ළමයින්ට කවයි, පොවයි. පවුලේ මුළු බරම ඈ කරපිට. උඹට පේනව නෙවද අපි ජීවත්වෙන හැටි. හැම පාන් කෑල්ලක් ම ගණන් කරනවා. ඇත්ත වශයෙන් ම අපි බඩගින්නෙ. ඔය සිද්ධිය වුණේ ජනවාරි මාසෙදි. පාටිසාන් සේනාංකයක් මෙහෙ ආව. අපේ පුතුන් නොවේ. අපේ පුත්තු ඔලෙනින් අසල සටන් කරනවා. මා කියන්නෙ අපට ලැබුණු ආරංචි අනුව. අපේ මේ උමං ගමට ආව පාටිසාන් භටයො දුම්රිය පොළට අයත් උදවිය. ඒ ගොල්ල කීව බඩගින්නෙ මැරෙනව, ආහාර ටිකක් හොයල දෙන්ටයි කියල. පහුවදා අපේ මේ ගෑනු පාටිසාන් භටයන්ගෙ මලු ආහාරවලින් පිරෙව්වා. තමන්ගේ ළමයින් මන්දපෝෂණයෙන් පෙළෙනව. උන්ගේ අත් පා ඉදිමිල. හාමතේ වැටිල ඉන්නව. ඒ වුණාට මේ ගෑනු පාටිසාන්වරුන්ට තමන්ගෙ අවසාන බත් පත පවා දුන්නා. මම ලොකු යුද්ධ සෙනෙවියෙක් නම්, ජර්මනුන්ව එලවා දැම්මට පස්සෙ අපේ ඉතාම හොඳ හමුදා රැස් කරල රුසියානු කාන්තාවට ආචාර පෙළපාලියක් පවත්වනව. ඔන්න මම කරන දේ! ” | — මීහයිල් සීයා |
|
|
|
“ සෝවියට් සංගමයේ වීරයන් සඳහා විශේෂ කාමරයක් වෙන් කරන්නට කියල නියම කරල තියෙනව ” | — දොස්තර |
|
|
|
“ වීරයො, වීරයො මේ යුද්දෙ හැම කෙනෙක් ම වීරයෙක්. තමුසෙ මට උගන්වන්ට හදනවද? මගේ නියමයන්ට අකමැති නම් යන්න පුළුවනි. වහාම මේ ලෙඩ්ඩු දෙන්නව හතළිස් දෙකට ගෙනියනව. ජ්‍යෙෂ්ට නිලධාරීන්ගේ කාමර කියල මෝඩ අදහස් මතු කරන්ට එපා. ” | — මහාචාර්ය වසීලියි වසීලෙවිච් |
|
|
|
“ මොකටද කොමිසාර් සහෝදරය ඔය ජර්මන් ඉගෙන ගන්නෙ? ඔහෙ නිකරුණේ මහන්සි වෙනව. ශක්තිය ප්‍රවේසම් කර ගන්න... ” | — ස්තෙපාන් ඉවානොවිච් |
|
|
|
“ අනේ සුදු රැවුළෝ! ඔහොමත් පුළුවන් ද රුසියානුවන්ට ජිවත් වෙන්න. අපි බර්ලිනය ඇල්ල ගත්තම ජර්මන් ගෑනුත් එක්ක කතාකරන්නෙ මොන බාසාවෙන් ද? ” | — කොමිසාර් |
|