Wq/si/මැක්බත්

< Wq‎ | si
Wq > si > මැක්බත්

මැක්බත්, ඉංග්‍රීසි ජාතික විලියම් ශේක්ස්පියර් (1564–1616) ගේ විශිෂ්ට ශෝකාන්ත නාට්‍යයකි.

විලියම් ශේක්ස්පියර්

කියමන් edit

 
 දයාලූ දෙවියෙනි! - කිම, මිනිස! තෙපි ඇසි බැම
වසා නොගනිවු සිය - හිස් වැස්ම ඇද දමා පහළට:
තොපේ දුක වදනට - පෙරළවු; කතා නොකරන
සෝ දුක බහුල වී - දැඩි ව ගිය හද පුපුරවයි සෙද. 
— මැල්කම්


 
 සග වැඩ සිටින දෙවි - මෙය නොම දුටු ද? මේ ගැන
මැදිහත් නොවූයේ - මන්ද? මැක්ඩෆ් පාපකාරී!
ඔවුන් මරු දුටුයේ - තොප නිසාමය; මා නම්
පව් පිරි හිස් එකෙකි! - ඔවුන් හැම දෙන නසනු ලැබුවේ
ඔවුන් ගේ පව් කම් - නිසා නොව, මා කළ කම්
නිසා මැ ය; ඔවුහු - සදා සාමය සගැ ලබත්වා! 
— මැක්ඩෆ්


 
 තොප'සි පත හණ ගල - මෙය ම වේවා! තොප දුක
කොවට පෙරළේ වා! - නොගනු මොට කර හද; තියුණු මිස 
— මැල්කම්


 
 ගැහැණියක මෙන් මට - දෙනෙතින් කඳුළු සලමින්
දිවෙන් පුරසාරම් - දෙඩීමට හැකි කමක් වේ නම්....
අහෝ! මුදු දෙවියෙනි! - පමා හැම දුර ලත්වා! 
— මැක්ඩෆ්