ගෝරා, රවීන්ද්‍රනාත් තාගෝර් විසින් වංග බසින් රචිත නවකතාවකි. එය එය මුල් වරට ප්‍රකාශයට පත් වූයේ ප්‍රවාසී සඟරාවේ කොටස් වශයෙන් පළවන නවකතාවක් ලෙසිනි. ඒ 1908 සහ 1910 අතර කාලයේ දී ය. ගෝරා යනු මෙම කතාවේ ප්‍රධාන චරිතයයි.
|
|
“ අදහස් කොයි විදියේ වුණත් අභ්‍යන්තරයේ ඇති පූර්ණත්වයත්, සන්සුන් බවත්, ප්‍රසන්න බවත් දුර්ලභ දේවල්. ඇත්ත නැත්ත ගැන කොහොම තර්ක කළත් අවසානයේදී අවබෝධ වන සත්‍යය තමයි නියම ඇත්ත. ” | — ගෝරා |
|
|
|
“ ඔය අවඥාවත්, අහංකාරයත් අතහැරලා දාලා අවනත වෙලා තමුන්ගේ රටේ මිනිසුන්ට ආදරය කරන්න ඉගෙන ගන්න. ඒ ගොල්ලන්ව තමන්ගේ බවට පත් කර ගත්තාම හැම අඩුපාඩුවක්ම, අසම්පූර්ණකමක්ම ලේසියෙන් යටපත් වෙයි. හැම රටකම, හැම සමාජයකම, අඩුපාඩු අසම්පූර්ණකම් තියෙනවා. ඒත් තම තමන්ගේ අයට ආදරය කරන කල් ඒවා මග ඇරිලා යන්නේ නැහැ. යම් කිසි ශරීරයක් දිරාපත් වෙන්න අවශ්‍ය කරන දේවල් වාතයේම රැඳිලා තියෙනවා. ජීවත්වෙලා ඉන්නකල් අපි ඒවාට ඔරොත්තු දෙනවා. කෙනෙක් මැරුණහමයි, ඒවා ක්‍රියාකාරී වෙලා අපේ ශරීර දිරාපත් වෙන්නේ. ” | — ගෝරා |
|
|
|
“ පුහුදුන් සාමාන්‍ය මිනිසුන් සාමාන්‍යයෙන් අනුන් විවේචනය කිරීමට පුරුදුව සිටින නමුත්, ධාර්මික ස්වරූපයෙන් ඒ කාර්යය කරන්නට ගිය විට ඒ විවේචන සමඟ අභ්‍යන්තරික අහංකාරයකුත් මිශ්‍ර වී විරෝධතාව තීව්‍ර ලෙසින් මතු වෙයි. ” | — ගෝරා |
|
|
|
“ කෙනෙක් යම්කිසි ක්ෂේත්‍රයක ඉන්නවා නම් ඊට බාහිර සත්‍යයන් සුළු දේවල් කියලා නොහිතුවොත් ඒ තැනැත්තාට වැඩ කර ගන්න බෑ. ඒ නිසයි දෙවියන් ඈත තියෙන වස්තු මිනිසාගේ දෘෂ්ටියට කුඩා කරල පෙන්නුවේ. දෙවියන් සියළු සත්‍යයන් එක විදියට තේරුම් ගන්න සලස්වලා මිනිසාව මහා කරදරයක දැම්මේ නෑ. අපිට එක දිශාවක් තෝරාගන්න වෙනවා. හැමදේම බදාගන්න තියෙන ආශාව අතහරින්න වෙනවා. එහෙම නැති උණොත් සත්‍යය දකින්න බෑ. ” | — ගෝරා |
|
|
|
“ ඒ මිනිස්සු මුළු රෑම මිත්‍යාවකට යටවෙලා හිටියා. දේවතාවෝ, පෙරේතයෝ, භූතයෝ ඔක්කොම වින කරනවා. කිවිසුමක් යන්න නෑ, ග්‍රහ අපලලු. මේ මිනිස්සු උපද්‍රව කීයකට බය වෙලා ඉන්නවද කියලා කියන්න බෑ. ලෝකයේ සිද්ධ වෙන දේවල් වලට පෞරුෂයකින් යුක්තව මුහුණ දෙන්නේ කොහොමද කියලා මේ මිනිස්සු දන්නවද? තමුසෙයි මමයි හිතනවා ටිකක් ඉගෙන ගත්තම අපි ඒ ගොඩේ නෙවෙයි කියලා. ඒ වුණත් හැම පැත්තේම තියෙන හීන බවින් මිදෙන්න පොත්පත් කියවලා ලබාගත්ත දැනුමෙන් බැහැ. ඒ ගොල්ලෝ ලෝක විෂය තුළ තියෙන නියම වල ආධිපත්‍යය විශ්වාස නොකරනකල්, මිත්‍යාවන්ට ඇති බයෙන් පීඩිත වෙලා ඉන්නකල් අපේ උගත් මිනිසුන්ටවත් ඒ බලපෑමෙන් මිදෙන්න බෑ.
උගත් අය දියුණු කළාට අනිත් අයගේ දියුණුවක් වෙයි කියලා කියන්න බෑ. අනිත් අයත් උසස් බවට පත් කරන්න පුළුවන් නම් තමයි උගත්කමට ගෞරවයක් වෙන්නේ.
කාටහරි තමන්ගේ වැදගත්කම, උගත්කම ගැන මානයක් උපදවාගෙන සාමාන්‍ය ජනයාගෙන් නිදහස් වෙලා ඉන්න පුළුවන් නම්, මං කියන්න කැමතියි පහළ පන්තියේ ඇයගේ විමුක්තිය ඇති නොකර ඒ අයටත් විමුක්තියක් නෑ කියලා. නැවක පතුලේ සිදුරක් හැදුණොත් කුඹගහ කොයි තරම් ඉහලින් තිබුණත් නැවට පුළුවන් කමක් නැහැ වේගයෙන් ඉස්සරහට යන්න. ” | — ගෝරා |
|
|
|
“ අසාධාරණේ සද්ද නැතිව ඉවසන එක්කෙනත් වැරදි කාරයෙක් තමයි. ඔහේ මගේ කතාව තේරුම් ගන්න එකක් නැහැ. ඒ උණත් මතක තියා ගන්න ඕනෑවට වඩා අහිංසක වෙන එක ධර්මයක් නෙවෙයි. නපුරන්ට ඒකෙන් තවත් ඉහළ යන්ට පුළුවන්. ඔයගොල්ලන්ගේ මහම්මද්තුමා ඒක තේරුම් ගත්ත නිසා තමයි අහිංසක විදියට ධර්ම ප්‍රචාරය කළේ නැත්තේ. ” | — ගෝරා |
|
|
|
“ ගෙවී ගිය දවස් නැවත එන්නේ නෑ කියලා කියන්න පුළුවන්. වර්තමානයේදී ලබන්න පුළුවන් දෙයක් ලබා ගන්න එක තමයි අපේ බලාපොරොත්තුව. අතීතය දිහාවට දෑත් දික් කරගෙන කාලේ නාස්ති කරන එක කළ යුතු දෙයක් ද? ” | — ගෝරා |
|
|
|
“ සත්‍යය කිසිම දවසක අතීතයට එක් වෙලා ඉවත් වෙලා යන්නේ නෑ. දවසක අපෙන් කවුරු හරි ඒ සත්‍යය හඳුනාගත්තොත්, ග්‍රහණය කර ගත්තොත් අපේ ශක්තියේ උල්පත මගින්ම මාර්ගය විවෘත කරලා දෙයි. අතීත භාණ්ඩාගාරයේ දේවල් වර්තමානයටත් හිමි වෙයි. ” | — ගෝරා |
|
|
|
“ බාහිර මිනිස්සු වරදවා තේරුම් ගන්නවාට වඩා වැඩිය පාඩුවක් සත්‍යය පිළිගන්න බැරිකම නිසා සිද්ධ වෙනවා. මම නම් දෙවියන් ඉදිරියේ ප්‍රාර්ථනා කරන්නේ සත්‍යයට විරුද්ධ නොවී සත්‍යය හිස නමා පිළිගන්න මට සලස්වන්න කියලයි. බාහිර සමාජයෙන් එන බාධාවලින් මා වලක්වන්න එපා කියලයි. ” | — ගෝරා |
|
|
|
“ ආණ්ඩුවේ රස්සාවල් කරන අය ආණ්ඩුවේ ශක්තිය තමන්ගේ ශක්තිය කියල හිතලා ආඩම්බර වෙලා තමන් සාමාන්‍ය මිනිසුන්ගෙන් වෙනස් විශේෂ පන්තියකට අයිතියි කියලා හිතනවා. අනුන්ගේ වාරුවෙන් ඉහළට නැගලා තමන්ගේ මිනිසුන්ව පහත් කරලා සැලකීමෙන් කවදාවත් හොඳක් වෙන්නේ නෑ. ” | — ගෝරා |
|