Wn/si/මුරලි ලොව හොඳම ක්‍රීඩකයන් 11 දෙනා අතරට

< Wn‎ | si
Wn > si > මුරලි ලොව හොඳම ක්‍රීඩකයන් 11 දෙනා අතරට

බ්‍රහස්පතින්දා, ජනවාරි 6, 2011

මුත්තයියා මුරලිදරන්

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ලොව හොඳම එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම තේරීමට ක්‍රිකට් ලෝලීන් අතර පැවැත්වූ ඡන්ද විමසීමකින් මුත්තයියා මුරලිදරන් ශ්‍රී ලංකාව නියෝජනය කරන එකම ක්‍රීඩකයා බවට පත්ව තිබේ.

මෙම සමීක්ෂණය පවත්වා ඇත්තේ මුල්ම එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය පවත්වා වසර 40ක් ගතවීම සැමරීමටයි. 'සිහින කණ්ඩායම' ලෙස නම් කර ඇති මෙම ජාත්‍යන්තර කණ්ඩායමේ දඟ පන්දු යවන්නා ලෙස මුරලි තේරී ඇත්තේ ඕස්ට්‍රේලියානු දඟ පන්දු යවන ෂේන් වෝන්ටත් වඩා වැඩිපුර මනාප හිමි කර ගනිමිනුයි. www.icc-cricket.com වෙබ් අඩවියේ දෙසැම්බර් 22 වැනිදා සිට ජනවාරි 2 වැනිදා දක්වා පවත්වා ඇති ඡන්ද විමසීම සඳහා රටවල් 97කින් ක්‍රිකට් ලෝලීන් 600,000ක් ඡන්දය ප්‍රකාශ කර ඇත.

සම්පූර්ණ සිහින කණ්ඩායම:

ආරම්භක පිතිකරුවන්: සචින් තෙන්ඩුල්කාර් සහ විරේන්ද්‍ර ෂෙවාග් (දෙදෙනාම ඉන්දීය)

මැද පෙළ: බ්‍රයන් ලාරා, විවියන් රිචඩ්ස් (දෙදෙනාම බ.ඉ.කො.) සහ රිකී පොන්ටින් (ඕස්.)

තුන් ඉරියව් ක්‍රීඩක: කපිල් දේව් (ඉන්දීය)

කඩුළු රකින්නා: ඇඩම් ගිල්ක්‍රිස්ට් (ඕස්.)

දඟපන්දු යවන්නා: මුත්තයියා මුරලිදරන් (ශ්‍රීල.)

වේගපන්දු යවන්නන්: වසීම් අක්‍රම් (පකි.), ග්ලේන් මැක්ග්‍රාත් (ඕස්.) සහ ඇලන් ඩොනල්ඩ් (ද.අ.)

මූලාශ්‍ර edit