Wn/si/චීන උද්ධමනයත් සමග ආහාර මිළ ඉහළට

< Wn‎ | si
Wn > si > චීන උද්ධමනයත් සමග ආහාර මිළ ඉහළට

සෙනසුරාදා, දෙසැම්බර් 11, 2010

ලෝක සිතියමේ චීනයේ පිහිටීම

චීනයේ උද්ධමනය තවදුරටත් ඉහළ යාමත් සමග ආහාර මිළ පෙර නොවූ විරූ ලෙස වැඩිවෙමින් පවතින බව වාර්තා වෙයි.

5.1%ක උද්ධමනයත් සමග ආහාර මිළ 11.7%කින් ඉහළ නැග ඇති අතර ඩීසල් වැනි ඉන්ධන හිඟයක්ද ඇති වී ඇති බව චීන බලධාරීහු පවසති. චීන මහජන බැංකුව පොළී අනුපාතික ඉහළ දැමීමේ අවදානමක් ද ඇතිවී තිබෙයි.

කෙසේ නමුත් මෙම තත්වය ඇති වී ඇත්තේ අයවැය හිඟය ඉහළ යෑමකින් නොව අයවැය අතිරික්තය අඩුවීමෙනි. චීනයේ අපනයන ආදායමට සාපේක්ෂව පසුගිය වසර තුළ ආනයන වියදම ඉහළ ගොස් ඇත.

මිළ ඉහළ යාම පාලනයට එළවළු නිෂ්පාදනය වැඩි කරන මෙන් චීන රජය ජනතාවට උපදෙස් දී ඇත. තව ද ගල්අඟුරු අපනයනය ද පාලනය කිරීමට චීන බලධාරීන් පියවර ගෙන ඇත.


මූලාශ්‍ර edit