Wn/si/ග්‍රීසිය හා තුර්කිය අතර වැටක් බැඳෙයි

< Wn‎ | si
Wn > si > ග්‍රීසිය හා තුර්කිය අතර වැටක් බැඳෙයි

බදාදා, ජනවාරි 5, 2011

තද කොළ පැහැයෙන් දැක්වෙන්නේ ග්‍රීසියයි. ඉන් දකුණු පසින් තුර්කිය පිහිටයි.

තුර්කියෙන් පැමිණෙන නීති විරෝධී සංක්‍රමණිකයන් නැවැත්වීමේ අභිලාෂයෙන් ග්‍රීක/තුර්කි දේශ සීමාවේ තාප්පයක් ගොඩ නැඟීමට ග්‍රීක රජය සැරසෙයි.

ග්‍රීක බලධාරීන් පවසන්නේ නීති විරෝධී සංක්‍රමණිකයන් 100,000කට අධික ප්‍රමාණයක් පසුගිය වසර තුළ රට තුළට පැමිණි බවයි. මින් වැඩි ප්‍රමාණයක් පැමිණ ඇත්තේ ග්‍රීසිය හා තුර්කිය වෙන් කරන එව්රෝස් නදිය තරණය කිරීමෙනි.

කෙසේ වෙතත් යුරෝපා සංගමය පවසන්නේ අතීතයේදී ද මෙවැනි ප්‍රාකාර විවිධ රටවල ගොඩ නැගුණත් ඒවායින් ප්‍රධාන ගැටලුව නොවිසඳෙන බවයි. නමුත් යුරෝපා සංගමය සතුව මෙවැනි නීති විරෝධී සංක්‍රමණ පාලනය කිරීමට නිසි ප්‍රතිපත්තියක් නොමැතිවීම ගැටලුවක් වී තිබේ.

මූලාශ්‍ර edit