Wn/si/කයිරෝ බෝම්බ ප්‍රහාරයෙන් ක්‍රිස්තියානුවෝ කෝප වෙති

< Wn‎ | si
Wn > si > කයිරෝ බෝම්බ ප්‍රහාරයෙන් ක්‍රිස්තියානුවෝ කෝප වෙති

සඳුදා, ජනවාරි 3, 2011

බෝම්බය පුපුරා ගිය ඇලෙක්සැන්ඩ්‍රියානු පල්ලියේ ඇතුළත දර්ශනයක්
ඊජිත්තුවේ පිහිටීම

නව වසරේ පළමු දින ඊජිත්තුවේ මුහුදුබඩ නගරයක් වන ඇලෙක්සැන්ඩ්‍රියා නගරයේ දේව මෙහෙයට පැමිණි ක්‍රිස්තියානුවන් පිරිසකට එල්ල කළ බෝම්බ ප්‍රහාරයෙන් 21 දෙනෙක් මිය යෑමත් සමගම ඊජිත්තුව පුරා ක්‍රිස්තියානි භක්තිකයන් කෝප වී සිටිති. ඔවුන් පවසන්නේ රටේ ක්‍රිස්තියානුවන්ට කෙරෙන කුඩම්මාගේ සැලකිලි දැක දැකත් ආණ්ඩුව නිදා සිටින බවයි.

කයිරෝ නගරය පුරා ක්‍රිස්තියානි භක්තිකයන් වීදි බැස උද්ඝෝෂණයේ යෙදී සිටිති. කලබලකාරී ස්වභාවය පාලනය කිරීමට ඊජිත්තු පොලීසිය නගරයේ රැඳී සිටිනු දක්නට ලැබෙයි. කෙසේ වෙතත් උද්ඝෝෂකයන් පවසන්නේ ආරක්ෂාව අවශ්‍ය මොහොතේ පොලීසිය තමන් ළඟ නොසිටි බවයි.

බෝම්බය පිපිරී ගොස් ඇත්තේ නව වසරේ ප්‍රථම දේව මෙහෙයට සහභාගී වූවන් පල්ලියෙන් පිටතට පැමිණෙන විටයි. බලධාරීන් පවසන්නේ ප්‍රහාරය මරාගෙන මැරෙන ප්‍රහාරයක් බවයි. මිය ගිය පිරිසට අමතරව තවත් 79 දෙනෙකුට තුවාල වී ඇති අතර අසල තිබූ රථ වාහන විශාල ප්‍රමාණයකට ද අලාභහානී වී ඇත.


මූලාශ්‍ර edit