Wq/si/හැරී පොටර් සහ ෆීනික්ස් නිකාය

< Wq‎ | si
Wq > si > හැරී පොටර් සහ ෆීනික්ස් නිකාය

හැරී පොටර් ඇන්ඩ් දි ඕඩර් ඔෆ් ද ෆීනික්ස්, ජේ. කේ. රෝලිං විසින් රචිත හැරී පොටර් කතා මාලාවේ පස්වන කෘතියයි. එය 2003 වසරේදී පළමු වරට ප්‍රකාශයට පත් විය.

හොග්වෝට්ස් මායා පාසල

කියමන් edit

11 වන පරිච්ඡේදය edit

 

 මැජික් අමාත්‍යාංශය විසින් නිතරම කල්පනා කළේ ළාබාල මායාකරුවන් සහ මායාකාරියන්ට අධ්‍යාපනය ලබා දීම ඉතා වැදගත් බවයි. නිසි මග පෙන්වීමක් නැතිව ඔබ ඇති දැඩි උනොත් ඔබ ජන්මයෙන් ලබා ගත් ඒ මහඟු දායාදය ප්‍රයෝජනයක් නැති දෙයක් බවට පත් වෙනවා. අපේ මුතුන් මිත්තන්ගෙන් ලැබුණු ඒ මහා ඥාන සම්භාරය පරම්පරාවෙන් පරම්පරාවට යා යුතුයි. උත්තරීතර ගුරු වෘත්තියට පත්වන අය විසින් ඒ දැනුම කපා කොටා ඔප දමා යාවත්කාලීන කොට මතු පරම්පරාවට ලබා දිය යුතුයි.

මේ එතිහාසික පාසල පාලනය කිරීමේ භාරධුර කර්තව්‍යයේ දී මෙහි සිටි සෑම ප්‍රධානාචාර්යවරයෙකු මෙන්ම ප්‍රධානාචාර්යවරියකම අලුත් යමක් පාසලට දායාද කොට දී තිබෙනවා ප්‍රගමනයක් නැතිනම් පාසල එක තැන පල්වීමට පටන් ගන්නවා. ඒත් මෙහිලා හුදෙක් ප්‍රගතිය තකා ප්‍රගතිය ඇති කිරීම සුදුසු නැහැ. මක්නිසාද යත් අපගේ පරිණත ක්‍රමවලට පැලැස්තර දැමීම අවැසි නොවන නිසා. එසේ නම් පැරණි සහ නව, නිර්මාණශීලි සහ ඒකාකාරී යන මේ කොයිකත් අතර සමතුලිත බවක් තිබිය යුතුයි....

....සමහර වෙනස්කම් වර්ධනය සඳහායි. එමෙන්ම සමහර අදහස් කාලයාගේ ඇවෑමෙන් වැරදි අදහස් බවට ඔප්පු වෙනවා ඇති. සමහර පැරණි සිරිත් රඳවා තබා ගත යුතුයි. එමෙන්ම සමහර අදහස් යල් පැන ගිය විට ඉවත් කළ යුතුයි. 
— මහාචාර්ය ඩොලරෙස් අම්බ්‍රිජ්


13 වන පරිච්ඡේදය edit

 
 මේ ගැහැණු ළමයි, කරුණාකරලා ඔය ඝෝෂාව අඩුකර ගන්නවාලා! 
— මහාචාර්ය ග්‍රබ්ලි ප්ලෑන්ක්


15 වන පරිච්ඡේදය edit

 
 තමුසෙලා දන්නේ නැහැ ඒක මොන වගේද කියා! තමුසෙලා එක්කෙනෙක්වත් දන්නේ නැහැ. තමුසෙලාට කවදාවත් එයාට මුහුණ දෙන්න සිදුවෙලා නැහැ - එහෙම නේද? තමුසෙලා හිතන්නේ වශී බන්ධන මන්ත්‍ර ගොඩාක් කට පාඩම් කරගෙන ඉඳලා ඒවා ජප කළාම හරි යනවා කියල ද? විකාර. හරියට අපි පන්තියේ දී කරන්නා වගේ.... ඒකට තමුන්ගේ ජීවිතයම පරදුවට තියන්න වෙනවා. සමහර විට වධ බන්ධනයට පත් වෙන්න වෙනවා. සමහර විට තමන්ගේ යාළුවා මිය යනවා බලා ඉන්න සිදු වෙනවා. පන්තියේ දී ඔය වගේ තත්ත්වයකට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. ඔය දෙන්නා හිතන්නේ මගේ දක්ෂකමට බේරිලා ආවා කියලයි, උන් පරාද කරලා. ඩිගොරි මෝඩ වුන නිසා එයා මැරුණා. මටත් ඒ ටිකම වෙන්න තිබුණා. වොල්ඩෙමෝට්ට මගෙන් ගන්න මෙහෙවරක් තිබුණේ නැතිනම් මටත් ඉතින් මරණය තමයි.... 
— හැරී පොටර්