Wq/si/පැබ්ලෝ පිකාසෝ

< Wq‎ | si
Wq > si > පැබ්ලෝ පිකාසෝ

පැබ්ලෝ ඩියේගෝ හොසේ ප්‍රැන්සිස්කෝ ඩි පවුලා පුවන් නෙපොමසේනෝ මරියා ඩි ලොස් රෙමෙඩියුස් සිප්‍රියානෝ ඩි ලා සන්තිසිමා ට්‍රිනිඩාඩ් රුයිස් ඉ පිකාසෝ (1881 ඔක්තෝබර් 25 – 1973 අප්‍රේල් 8) ස්පාඤ්ඤ ජාතික සිත්තරකු, සැලසුම්කරුවකු සහ මූර්ති නිර්මාණකරුවෙකු වේ. මොහු 20 වන සියවසේ කලා නිර්මාණකරුවන් අතරින් ඉතා සුප්‍රසිද්ධ නිර්මාණකරුවෙකු වන අතර ඔහු වඩාත් ප්‍රචලිත වන්නේ ඝනිකවාදයේ සම නිර්මාතෘ ලෙස සහ තම කලා නිර්මාණ තුළ විවිධ ශෛලීන් ගණනාවක් අන්තර්ගත කළ කලාකරුවෙකු ලෙසයි.

පැබ්ලෝ ඩියේගෝ හොසේ ප්‍රැන්සිස්කෝ ඩි පවුලා පුවන් නෙපොමසේනෝ මරියා ඩි ලොස් රෙමෙඩියුස් සිප්‍රියානෝ ඩි ලා සන්තිසිමා ට්‍රිනිඩාඩ් රුයිස් ඉ පිකාසෝ

පැබ්ලෝ පිකාසෝගේ කියමන් edit

 
චිත්‍රයක් නරඹන රසිකයා සංකේත වටහා ගත යුතුයි. ඒ සංකේත හරහා නිර්මාපකයා සපයන දෙය අවබෝධ කරගත යුතුයි.
 
 කලාවට වර්තමානය රැකගත නොහැකි නම් අනාගතයක් නැත. ග්‍රීක, ඊජිප්තු කලා අතීතයට අයිති ඒවා නොවේ. ඒවා අද එදාට ද වඩා පණ ගැන්වී තිබේ. 


 
 වෙනස්වීම පරිණාමය නොවේ. 


 
 පෙනෙන දෙය ඇඳිය යුතුයි. 


 
 සංකේත ගැන පැහැදිලි කිරීම චිත්‍ර ශිල්පියාට අයිති කාර්යයක් නොවේ. එය එසේ විය යුතු නම් ඔහුට පුළුවන් චිත්‍රයක් නිර්මාණය නොකර චිත්‍රයෙන් ප්‍රකාශනය විය යුතු දෑ ලියා ප්‍රදර්ශනයට තබන්න. 


 
 චිත්‍රයක් නරඹන රසිකයා සංකේත වටහා ගත යුතුයි. ඒ සංකේත හරහා නිර්මාපකයා සපයන දෙය අවබෝධ කරගත යුතුයි. 


 
 වැඩ කිරීම රෝගයට පිළියමයි. 


 
 ඝනිකවාදය වෙනත් ගුරුකුල වාදවලින් වෙනස් වූයේ නැත. මූලිකාංග හා මූලධර්ම හැම ගුරුකුලයකටම සාධාරණය. සොබාදහම කලාවකි. 


 
 එකිනෙකට සම්පූර්ණයෙන්ම වෙනස් වූ කරුණු සොබා දහමයි.